REOA
← සිදුවීම් සියල්ල
17
අගෝ
2026
නිවේදනය

වාර්ෂික සහෝදරත්වයේ සංචාරය — යෝජනා කැඳවීම

⏱ 17 August 2026📍 Homagama

සංගමයේ වාර්ෂික සහෝදරත්වයේ සංචාරය හා සුහද හමුව පැවැත්වීමට සුදුසු ප්‍රදේශයක් සම්බන්ධයෙන් සාමාජිකයන්ගෙන් යෝජනා කැඳවන ලිපියකි. පසුගිය ජූලි 26 දින පැවති විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ පරිදි, මෙය ඔක්තෝබර් මස අවසානයේ හෝ නොවැම්බර් මස මුල් සතියේදී පැවැත්වේ. එක් දිනක සංචාරයක් වෙනුවට දෙදින සංචාරයක් ලෙස පැවැත්වීමට සියලු දෙනාම එකඟ විය. එබැවින් සාමාජිකයන් තම කැමැත්ත හෝ යෝජනා දුරකථන, email, WhatsApp හෝ තැපැල් මාර්ගයෙන් ඉතා ඉක්මනින් එවන ලෙස ඉල්ලා සිටී. දැනටමත් නුවර ප්‍රදේශයේ පැවැත්වීම සඳහා යෝජනාවක් ලැබී ඇත.

යෝජනා සඳහා විවෘතයි
ගැලරිය
වාර්ෂික සහෝදරත්වයේ සංචාරය — යෝජනා කැඳවීම — photo 1