REOA
ඉදිරිපත් කළ · 2026 ජූනි 13

පළමුවන සංවත්සරය සහ AGM

අපි කවුද

රාජ්‍ය ආදායම රැකගත් නිලධාරීන්ගේ සහෝදරත්වය.

2025 මැයි 24පෙරවරු 10.00නිළධාරීන් 49 ක් සහභාගිව

විශ්‍රාමික සුරාබදු නිළධාරීන් ගේ සංගමය — ආරම්භය

INDRA HOTEL, කඩවත, ගම්පහ දිස්ත්‍රික්කය, බස්නාහිර පළාත.

වර්ෂ 2025 මැයි මස 24 සෙනසුරාදා දින බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත නගරයේ INDRA HOTEL උත්සව ශාලාවෙහිදී විශ්‍රාමික සුරාබදු නිළධාරීන් 49 දෙනෙකු සහභාගිත්වයෙන් පෙරවරු 10.00 ට උත්සවශ්‍රීයෙන් "විශ්‍රාමික සුරාබදු නිළධාරීන් ගේ සංගමය" ආරම්භ විය. මෙම දිනය මෙන්ම මෙම සිදු වීමද අප විශ්‍රාමික සුරාබදු නිළධාරීන් නිළධාරිනියන් ට ඓතිහාසික අවස්ථාවකි.

93
සාමාජිකයන්
දිවයිනෙ ව්‍යාප්ත
Inauguration at INDRA HOTEL, Kadawata — 24 May 2025
ව්‍යවස්ථාව බාගත කරන්න

විශ්‍රාමික සුරාබදු නිලධාරීන්ගේ සංගමය

හෝමා/ආයතන/07/03 ස.ලි/2025/11

PDF
1913
අපි කවුද

දෙපාර්තමේන්තු ඉතිහාසය

සුරාබදු දෙපාර්තමේන්තුවේ මූලික අරමුණු
රාජ්‍ය ආදායම් එකතු කිරීම

බදු, බලපත්‍ර, ගාස්තු මගින් රජයට ආදායම් ලබාදීම.

නීති ක්‍රියාත්මක කිරීම

සුරාබදු ආඥාපනත යටතේ නීති රීති ක්‍රියාත්මක කිරීම.

නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වැළැක්වීම

කසිප්පු, ගෝඩා, හෙරොයින්, අයිස් වැනි නීති විරෝධී ද්‍රව්‍ය වටලීම.

මහජන ආරක්ෂාව

හානිකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනතාව ආරක්ෂා කිරීම.

සුරාබදු දෙපාර්තමේන්තුව පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා නිල වෙබ් අඩවිය බලන්න.

නිල වෙබ් අඩවියexcise.gov.lk
ඉතිහාසය හරහා
1913
බ්‍රිතාන්‍ය සමය
  • ·1912 අංක 8 පනතින් සමිමත වි 1913 ජනවාරි 01 ආරමිභ විය.
  • ·රාජ්‍ය ආදායම් එකතු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විය.
  • ·Excise Ordinance යටතේ නීතිමය බලතල ලබා දෙන ලදී.
1948
නිදහසෙන් පසු
  • ·දේශීය පාලන ක්‍රමයට අනුව සුරාබදු නීති සංශෝධනය විය.
  • ·රාජ්‍ය ආදායම් ප්‍රධාන ආයතනයක් ලෙස වර්ධනය විය.
  • ·මත්ද්‍රව්‍ය පාලනය හා වැටලීම් ශක්තිමත් කරන ලදී.
අද
නවීන යුගය
  • ·මත්පැන් පාලනය හා බලපත්‍ර ලබාදීම.
  • ·මත්ද්‍රව්‍ය වැටලීම් හා ක්‍රියාත්මක කිරීම.
  • ·දුම්කොළ හා මත්පැන් බදු අයකිරීම.
  • ·නීති ක්‍රියාත්මක කිරීම.
  • ·ජනතා දැනුවත් කිරීම.
ඉදිරි සිදුවීම්

අපගේ ගමන් මග

මැයි
24
ආරම්භය

ආරම්භය — INDRA HOTEL, කඩවත

⏱ Full day📍 INDRA HOTEL

විශ්‍රාමික සුරාබදු නිළධාරීන් 49 දෙනෙකු කඩවතේ INDRA HOTEL හිදී රැස් වී විශ්‍රාමික සුරාබදු නිළධාරීන් ගේ සංගමය ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වූහ.

පවත්වා අවසානයිවිස්තර →
ඔක්
31
චාරිකාව

පළමු විනෝද චාරිකාව සහ සභා රැස්වීම — අනුරාධපුරය

⏱ Full day📍 Royal Residency Hotel

දින දෙකක් රාත්‍රී 1 ක් ඇතුළු වැඩ සටහනකි. 2025 ඔක්තෝබර් 31 දින අනුරාධපුර ROYAL RESIDENCY HOTEL හිදී සභාව පෙරවරු පවත්වන ලදී. 2025 නොවැම්බර් 01 දින අනුරාධපුරයේ ආගමික කටයුතු සිදු කරන ලදී. සංගමයේ ජ්‍යේෂ්ඨ උපදේශක විධායක කමිටු සාමාජික ආර්.එම්.පී.බී.ධර්මකීර්ති මහතා හා උතුරු මැද පලාත සංවිධායක විධායක කමිටු සාමාජික එස්.කේ.වනිගතුංග මහතාගේ සහයෝගය ලැබිණ. මෙහිදී සංගමය සඳහා තනතුරු කිහිපයකට නිලධාරීන් හා නිලධාරිනියන් පත් කරන ලදී.

පවත්වා අවසානයිවිස්තර →
නොවැ
1
සහන

කුනාටු ආධාර — සාමාජික ආධාර

⏱ November 2025📍 Sri Lanka

2025 නොවැම්බර් මාසයේ සුළි කුනාටුවෙන් හානිවූ සංගමයේ සාමාජික මහත්මයකු සඳහා ආධාර සහ සහාය ලබා දෙන ලදී.

සිදු කරන ලදීවිස්තර →
ජන
1
ශෝකය

ශෝකය — රොස්මීඩ් පුනාන්දු

⏱ 1 January 2026📍 Melbourne

සංගමයේ බස්නාහිර පලාත සංවිධායක 2 සහ විධායක කමිටු සාමාජික රොස්මීඩ් පුනාන්දු මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී අභාවප්‍රාප්ත විය. සංගමය ශෝකය පුද කළහ.

සිදු කරන ලදීවිස්තර →
ජූනි
13
AGM

පළමුවන සංවත්සරය සහ AGM

⏱ 9:00 AM – 5:00 PM📍 Homagama Grand Amalya Hotel

පළමු සංවත්සරය. ජ්‍යෙෂ්ඨ මහා සභාව, මිත්‍ර හමුව, වෙබ් අඩවිය එළිදැක්වීම සහ සිහිකැඳවුම් බෙදාහැරීම.

පවත්වා අවසානයිවිස්තර →
ජූනි
13
වෙබ් අඩවිය

නිල වෙබ් අඩවිය එළිදැක්වීම — www.reoa.lk

⏱ 13 June 2026📍 Homagama Grand Amalya Hotel

විශ්‍රාමික සුරාබදු නිළධාරීන් ගේ සංගමයේ නිල වෙබ් අඩවිය වන www.reoa.lk සංගමයේ පළමු වර්ෂ පූර්ණ සංවත්සර උත්සව අවස්ථාවේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් එළිදැක්විණි. 2026 ජූනි මස 13 දින හෝමාගම Grand Amalya Hotel හි පැවති මෙම සංවත්සර උත්සවයට විශ්‍රාමික සුරාබදු නිළධාරීන් නිළධාරිනියන් විශාල පිරිසක් සහභාගි විය. සංගමයේ එදිනෙදා තොරතුරු, සමාජ සත්කාරයන්, සාමාජික විස්තර ආදී වැදගත් කරුණු මෙම අඩවියට පිවිස දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නව තාක්ෂණයට අනුගත වෙමින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය මගින් විශ්‍රාමික සුරාබදු නිළධාරීන් නිළධාරිනියන් හට ඉමහත් සේවයක් වනු ඇත.

පවත්වා අවසානයිවිස්තර →
ජූනි
19
නිවේදනය

AGM 2026 — ස්තුති පූර්ණාහිමන් ලිපිය

⏱ 19 June 2026📍 Homagama

2026 ජූනි 13 වන දින Homagama Grand Amalya Hotel හිදී සාර්ථකව පැවැත්වූ 1 වන සංවත්සරය සහ AGM අවස්ථාවෙහි සහභාගී වූ සහ සහයෝගය දැක්වූ සියලු සාමාජිකයන්ට, ආධාරකරුවන්ට සහ නිලධාරීන්ට ප්‍රධාන ලේකම් විසින් නිකුත් කරන ලද නිල ස්තුති පූර්ණාහිමන් ලිපිය.

සිදු කරන ලදීවිස්තර →
ජූලි
28
රැස්වීම

විශේෂ කමිටු රැස්වීම 2026/03

⏱ 28 July 2026 (Tuesday) — 10:00 AM📍 Casablanca Restaurant

සංගමයේ සියලුම සාමාජිකයන් සඳහා විවෘත විශේෂ කමිටු රැස්වීමක් 2026 ජූලි 28 වන අඟහරුවාදා දින කොට්ටාව CASABLANCA RESTAURANT හිදී පැවැත්වේ. අදහස් හෝ යෝජනා ඇති සාමාජිකයන් රැස්වීමට පෙර email, දුරකථන හෝ WhatsApp මාර්ගයෙන් ඒවා එවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සංගමයට එක්වීමට කැමති විශ්‍රාමික සුරාබදු නිලධාරීන්ට අයදුම්පත් හා විස්තර ලබා ගත හැක.

ඉදිරියේදීවිස්තර →
සැප්
22
සහන

සිසු නැණ සවිය — පළමු ශිෂ්‍යත්වය පිරිනැමීම

⏱ 22 September 2026 — Morning📍 481/D

විශ්‍රාමික සුරාබදු නිළධාරීන් ගේ සංගමයේ සමාජීය සත්කාරක වැඩසටහනට සමගාමීව "සිසු නැණ සවිය" වැඩසටහන "දැනුමට සවිය — අනාගතයට ආලෝකය" තේමාව යටතේ, ඉගෙනුමට දක්ෂ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට වර්ෂයක් පුරාවට මාසිකව ශිෂ්‍යත්වයක් පිරිනැමීම ආරම්භ කරන ලදී. මෙය 2026 බිනර මස 22 කුජ දින පෙරවරුවේ 481/D මුල්ලේගම උතුර ග්‍රාම නිළධාරිනී අරංගල මහත්මියගේ හා සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ආර්.සෝමරත්න, ප්‍රධාන සංවිධායක ෂර්ලි විජේසිංහ හා ගණන් පරීක්ෂක / වයඹ පළාත් සංවිධායක ප්‍රභාත් ජයවික්‍රම යන මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් සිදු විය. ශිෂ්‍යත්ව ලාභී දියණියට අදාළ ප්‍රධාන පත්‍රය හා මෙම මස ශිෂ්‍යත්ව මුදල හා ත්‍යාගය පිරිනමන ලද අතර දියණියගේ මෑණියන් ද සහභාගි විය. දියණිය බාල වයසේ (වයස අවු. 12 පමණ) පසුවන නිසා ශිෂ්‍යත්ව මුදල ඇගේ මවගේ ලංකා බැංකු ගිණුමට සෑම මසකම 25 දිනට බැරවන ලෙස හෝමාගම ලංකා බැංකුවට "ස්ථාවර නියෝගයක්" ලබා දී ඇත. — එම්.ආර්.සෝමරත්න, ප්‍රධාන ලේකම්.

ක්‍රියාත්මකයිවිස්තර →
අගෝ
17
නිවේදනය

වාර්ෂික සහෝදරත්වයේ සංචාරය — යෝජනා කැඳවීම

⏱ 17 August 2026📍 Homagama

සංගමයේ වාර්ෂික සහෝදරත්වයේ සංචාරය හා සුහද හමුව පැවැත්වීමට සුදුසු ප්‍රදේශයක් සම්බන්ධයෙන් සාමාජිකයන්ගෙන් යෝජනා කැඳවන ලිපියකි. පසුගිය ජූලි 26 දින පැවති විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ පරිදි, මෙය ඔක්තෝබර් මස අවසානයේ හෝ නොවැම්බර් මස මුල් සතියේදී පැවැත්වේ. එක් දිනක සංචාරයක් වෙනුවට දෙදින සංචාරයක් ලෙස පැවැත්වීමට සියලු දෙනාම එකඟ විය. එබැවින් සාමාජිකයන් තම කැමැත්ත හෝ යෝජනා දුරකථන, email, WhatsApp හෝ තැපැල් මාර්ගයෙන් ඉතා ඉක්මනින් එවන ලෙස ඉල්ලා සිටී. දැනටමත් නුවර ප්‍රදේශයේ පැවැත්වීම සඳහා යෝජනාවක් ලැබී ඇත.

යෝජනා සඳහා විවෘතයිවිස්තර →
ඔක්
29
චාරිකාව

දෙවන සහෝදරත්වයේ සංචාරය 2026 — කොත්මලේ (මලය රටට)

⏱ 29–30 October 2026 (2 days)📍 Kotmale Holiday Resort

සංගමයේ දෙවන සහෝදරත්වයේ සංචාරය — "කොළොම්බ පුරෙන් මලය රටට" — දින දෙකක් රාත්‍රී එකක් ඇතුළු මධ්‍යම කඳුකරයට වන චාරිකාවකි. නවාතැන කොත්මලේ Kotmale Holiday Resort හිදී වේ. ගමන් මාර්ගය කොට්ටාව, කඩවත, මීරිගම, කුරුණෑගල හා ගම්පොල හරහා යයි. නැරඹිය හැකි ස්ථාන අතර කොත්මලේ ජලාශය, කොත්මලේ මහවැලි මහ සෑය, එල්ලලෙන එල්ලෙන පාලම, රම්බොඩ ඇල්ල හා තේ වතු ඇතුළත් වේ. සුහද හමුවේ තේ පැන් සංග්‍රහය, ගීත හා සංගීතය, සමූහ ඡායාරූප, විනෝදාත්මක ක්‍රීඩා හා තරග, පැරණි මතකයන් අවර්ජනය සහ සමරු තිළිණ සමඟ සභා මණ්ඩපයක් ද පැවැත්වේ.

ඉදිරියේදීවිස්තර →
දින දර්ශනය

මාසයෙන් බලන්න

13
ජූනි
AGM
පළමුවන සංවත්සරය සහ AGM
9:00 AM – 5:00 PM · Homagama Grand Amalya Hotel
පළමු සංවත්සරය. ජ්‍යෙෂ්ඨ මහා සභාව, මිත්‍ර හමුව, වෙබ් අඩවිය එළිදැක්වීම සහ සිහිකැඳවුම් බෙදාහැරීම.
ජූනි
2026
ඉ
ස
අ
බ
බ
ස
ස
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
සිදුවීමේ දිනය නිදහස් දිනය2 වැනි සෙනසුරාදා · නිත්‍ය රැස්වීම
සෑම මුදල් වර්ෂයකටම නියමිත කාලසටහන
Zoom රැස්වීම
මෙම මාසය
3 නියමිත සිදුවීම්
13
ජූන
2 වැනි සෙනසුරාදා · නිත්‍ය රැස්වීම
Zoom රැස්වීම
13
ජූනි
AGM
පළමුවන සංවත්සරය සහ AGM
9:00 AM – 5:00 PM · Homagama Grand Amalya Hotel
විස්තර →
13
ජූනි
වෙබ් අඩවිය
නිල වෙබ් අඩවිය එළිදැක්වීම — www.reoa.lk
13 June 2026 · Homagama Grand Amalya Hotel
විස්තර →
19
ජූනි
නිවේදනය
AGM 2026 — ස්තුති පූර්ණාහිමන් ලිපිය
19 June 2026 · Homagama
විස්තර →
සම්බන්ධ වන්න

අපි ආධාර කිරීමට සූදානම්.

ඔබ සාමාජිකත්වය අලුත් කිරීමේ, සුභසාධන ආධාර ලබා ගැනීමේ, හෝ ශෝකය දැනුම් දීමේ අරමුණෙන් — ගරු ලේකම් වෙත ලිවීම හෝ කාර්යාලයට කෙලින්ම ඇමතීම කළ හැකිය.

📍
කාර්යාලය
No. 28/6B, Mahakatuwan Road Araliya Uyana, Homagama
📞
ඇමතුම
070 454 4455
✉
විද්‍යුත් තැපැල
reoa2524@gmail.com
🕘
වේලාව
සඳුදා සිට සිකුරාදා උදේ 9:00 සිට ප.ව. 3:30
සංගමයට එකතු වන්න
විශ්‍රාමික සුරාබදු නිළධාරීන්ට ඉල්ලුම් කිරීමට ආරාධනා කෙරේ. පහත ඔන්ලයින් ආකෘතිය පිරවීම හෝ PDF ඉල්ලුම් පත්‍රය බාගත කරන්න.