සිසු නැණ සවිය — පළමු ශිෂ්‍යත්වය පිරිනැමීම
විශ්‍රාමික සුරාබදු නිළධාරීන් ගේ සංගමයේ සමාජීය සත්කාරක වැඩසටහනට සමගාමීව "සිසු නැණ සවිය" වැඩසටහන "දැනුමට සවිය — අනාගතයට ආලෝකය" තේමාව යටතේ, ඉගෙනුමට දක්ෂ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට වර්ෂයක් පුරාවට මාසිකව ශිෂ්‍යත්වයක් පිරිනැමීම ආරම්භ කරන ලදී. මෙය 2026 බිනර මස 22 කුජ දින පෙරවරුවේ 481/D මුල්ලේගම උතුර ග්‍රාම නිළධාරිනී අරංගල මහත්මියගේ හා සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ආර්.සෝමරත්න, ප්‍රධාන සංවිධායක ෂර්ලි විජේසිංහ හා ගණන් පරීක්ෂක / වයඹ පළාත් සංවිධායක ප්‍රභාත් ජයවික්‍රම යන මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් සිදු විය. ශිෂ්‍යත්ව ලාභී දියණියට අදාළ ප්‍රධාන පත්‍රය හා මෙම මස ශිෂ්‍යත්ව මුදල හා ත්‍යාගය පිරිනමන ලද අතර දියණියගේ මෑණියන් ද සහභාගි විය. දියණිය බාල වයසේ (වයස අවු. 12 පමණ) පසුවන නිසා ශිෂ්‍යත්ව මුදල ඇගේ මවගේ ලංකා බැංකු ගිණුමට සෑම මසකම 25 දිනට බැරවන ලෙස හෝමාගම ලංකා බැංකුවට "ස්ථාවර නියෝගයක්" ලබා දී ඇත. — එම්.ආර්.සෝමරත්න, ප්‍රධාන ලේකම්.



