ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ප්‍රජා සංවිධානයකි
← සිදුවීම් සියල්ල


28
ජූලි
2026
රැස්වීම
විශේෂ කමිටු රැස්වීම 2026/03
⏱ 28 July 2026 (Tuesday) — 10:00 AM📍 Casablanca Restaurant, Kottawa
සංගමයේ සියලුම සාමාජිකයන් සඳහා විවෘත විශේෂ කමිටු රැස්වීමක් 2026 ජූලි 28 වන අඟහරුවාදා දින කොට්ටාව CASABLANCA RESTAURANT හිදී පැවැත්වේ. අදහස් හෝ යෝජනා ඇති සාමාජිකයන් රැස්වීමට පෙර email, දුරකථන හෝ WhatsApp මාර්ගයෙන් ඒවා එවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සංගමයට එක්වීමට කැමති විශ්‍රාමික සුරාබදු නිලධාරීන්ට අයදුම්පත් හා විස්තර ලබා ගත හැක.
ඉදිරියේදී
වැඩ සටහන
- 1.සංගමයේ පළමු සංවත්සරය වෙනුවෙන් එළිදැක්වූ සමරු කලඹ හා සංවත්සර උත්සවය ඉතා සාර්ථකව නිම වූ අතර, එහි මූල්‍ය වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම
- 2.අප සංගමයේ ලියාපදිංචිය අලුත් කර ගැනීම ලබන අගෝස්තු මාසයේ දී කරගත යුතු නිසා, එයට පෙර පොදු සත්කාරක කටයුත්තක් කළ යුතු බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම
- 3.වර්ෂ අවසාන සංචාරය සහිත හමුව — දින 03ක් රාත්‍රී 02ක් වශයෙන් යෝජිත — හා ඊළඟ වසරේ සභාවාරය පැවැත්වීම සම්බන්ධයෙන් ද, සාමාජිකත්වයෙන් ලැබෙන නව අදහස් හා යෝජනා පිළිබඳව ද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීම
ගැලරිය



